කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර තාක්ෂණ පීඨයේ සිසු සිසුවියන්ගේ ඉල්ලීමක් පරිදි පොලිස් නාවික කොට්ඨාසයේ පානදුර ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන් උදෙසා සංවිධානය කළ එක් දින ජීවිත ආරක්ෂක වැඩමුළුවක් 2025 නොවැම්බර් 9 වන දිනය පුරා පානදුර වෙරළ ආශ්‍රිතව පැවැත්වුනි.
සිසු සිසුවියන් 70 දෙනෙකු පමණ සහභාගී වී සිටි එම වැඩමුළුවේදී දියේ ගිලීමකදී මෙන්ම ජලාශ්‍රිත පරිසරයකදී මුහුණ පෑමට සිදුවිය හැකි අනතුරකින් ජීවිතය බේරාගැනීම සඳහා අනුගමනය කළ හැකි මූලික ක්‍රියාමාර්ග පිළිබඳව අංගසම්පූර්ණ දැනුවත් කිරීමක් ලබාදුුුන් අතර දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් වැඩමුළුව සමන්විත විය.
සිසු සිසුවියන් භාරව පරිසර තාක්ෂණ පීඨයේ සභාපති මොනාරා වීරකෝන්, එම පීඨයේ උප සභාපති මදුන් ඩිල්හාර යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී විය.
උප පොලිස් පරීක්ෂක නිමල් සිරි, පොලිස් සැරයන් 35491 සුමිත්, පොලිස් සැරයන් 50342 ඥානරත්න, පොලිස් කොස්තාපල් 33628 ලක්මාල්, පොලිස් කොස්තාපල් 101557 ධනුක, පොලිස් කොස්තාපල් 91046 දසුන් යන නිලධාරීන් විසින් වැඩසටහන මෙහෙයවන ලදී.