කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21 ග්‍රෑම් 668 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන් තොටුපල ඒ්කකයේ නිලධාරීන් කණ්ඩායමක් 2025.12.14 දින සවස වත්තල පොලිස් වසමේ කොන්වන්ට් පාර ප්‍රදේශයේදී සිදුකල වැටලීමකින් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21 ග්‍රෑම් 668 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 34 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශව විමර්ශන ආරම්භකර ඇත.

Scroll to Top