කොල්ලකරුවන් පිරිසක් 2025.12.07 වන දින රාත්‍රියේ ගල්නෑව පොලිස් වසමේ බුල්නෑව ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුල් වී ව්‍යාපාරික කටයුතුවල නියැලෙන එම නිවසේ සැමියා සහ බිරිඳට මරණ බිය ගෙන දෙමින් තර්ජනය කර මුදලින් රුපියල් කෝටි දෙකක පමණ මුදලක්, රන් භාණ්ඩ, රුපියල් පන්කෝටි හැත්තැදෙලක්ෂ හැට අටදහාක් (57,268,000/-) පමණ වටිනා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් කොල්ලකා පළා ගියහ.
විමර්ශන සිදුකළ ගල්නෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් 2025.12.14 වන දින සැකකරුවන් සය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල, මාතවතගම හා විල්ගමුව ප්‍රදේශවලදී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 300 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 250 ක්, අපරාධයට යොදාගත් අත්වැසුම් ජෝඩු 04 ක්, උල් පිහි 04 ක්, අපරාධයට යොදා ගත් යතුරුපැදියක්, වෑන් රථයක් හා ලොරි රථයක ඔවුන සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකන ලද මුදලින් රුපියල් පනස්නමලක්ෂ තිස්නමදාහක (5,939,000/-) මුදලක් හා කොල්ලකන ලද මුදල් වලින් උපයාගන්නා ලද දේපළ රැසක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
කොල්ලකන ලද ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය මීගලෑව ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇත.
අවුරුදු 34, 36, 38, 40, 43 හා 48 වයස්වල පසුවන කුරුණෑගල, නුගගොල්ල, මාවතගම, මැල්සිරිපුර හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇති සැකකරුවන් සය දෙනා 2025.12.15 වන දින කැකිරාව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා 2025.12.18 වන දින දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
ගල්නෑව පොලිසිය සැකකරුවන් හා අපරාධය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.