අධ්‍යාපනය ලැබීම සඳහා උපකාර අවශ්‍ය ත්‍රීකුණාමලය පොලිස් කොට්ඨාසයේ දරු දැරියන් හඳුනාගෙන, අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන් පොත්පත් බෙදාදීම සඳහා පොලිස් සේවා වනිතා ඒ්කකය සංවිධානය කළ වැඩසටහනක් 2025.12.24 වන දින ත්‍රීකුණාමලය කොට්ඨාස භාර නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුනි.
පොලිස් සේවා වනිතා ඒ්කකයේ ගරු සභාපතිනී නිල්මිණි නිටා සමරතුංග මැතිනිය විසින් ප්‍රධානත්වය ගෙන සංවිධානය කරනුලබන ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් ලෙස පැවැත්වුනු එම අවස්ථාවේදී පොත් කට්ටල 1000ක් දරු දැරියන් අතර බෙදාදීම සිදුවිය.
මෙම ප්‍රධානයන් සඳහා පූර්ණ අනුග්‍රහය වාද්දුව සමුද්‍රාරාම විහාරස්ථනයේ විහාරස්ථානාධිපති පුජ්‍ය ගම්මන විජය ධම්ම හිමියන් ප්‍රමුඛ තරුණ කැළ විසින් ලබාදී ඇති අතර උන්වහන්සේගේද සහභාගීත්වයෙන්, නැගෙනහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, ත්‍රිකුණාමලය කොට්ඨාසභාර නිලධාරි චන්ද්‍රපාල යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු ලමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරිකෂක නිමාලි ෆොන්සේකා, සේවා වනිතා ස්ථානාධිපති පද්මිනි ජයවිර යන මහත්මීන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන සාර්ථකව පවත්වා ඇත.