එළඹෙන 2026 නව වසරට අශිර්වාද පතා පොලිස් මූලස්ථානයේ සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනාවක්

එළඹෙන 2026 නව වසර නිමිතිකර, ශ්‍රී ලංකා පොලිසිය යටතේ සේවයේ නියුතු නිලධරයන් වෙනුවෙන් මෙන්ම සමස්ථ මහජනතාව වන ඔබගේ යහපත ප්‍රාර්ථනා කරමින් 2025.12.30 වන දින පොලිස් මූලස්ථානයේදී සර්වරාත්‍රීක පිරිත් සජ්ඣායනාවක් පවත්වන ලදී.

ලේක් හවුස් වටරවුම අසලින් ආරම්භ වූ, හස්තීන් දෙදෙනෙකුගෙන් හා පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නිලධරයන්ගෙන් සැදුම්ලත් නර්තන කණ්ඩායම් සපිරි අලංකාර පෙරහැරක් පෙරදැරිව පූජනීය සදාතුක කරඩුන් වහන්සේ, පිරුවානා පොත් වහන්සේ සහ ගෞරවනීය ඇරයුම පිළිගෙන පිරිත් දේශනය සඳහා වැඩමවා වදාළ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවීම සිදුවිය. 

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා පොලිසිය බෞද්ධ සංගමයේ සංවිධානයෙන් මෙම සියලු කටයතු සිදු වූ අතර මෙම පුණ්‍යකර්මට ආරාධනාව පිළිගෙන ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ සහභාගීත්වය, පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ඇතුලුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මෙන්ම පොලිස් මූලස්ථානයේ රාජ්‍ය නිලධාරීන් ඇතුලු පාර්ශව රැසක සහයෝගය හිමිවිය. 

“දිට්වා” සුලි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්වයන්ට ගොදුරුවී දිවි අහිමි වූ පොලිස් නිලධරයන් සිහිපත් කරමින් එම පවුල්වල සාමාජිකයින්ටද මෙම අවස්ථාව සඳහා සහභාගී වීමට අවශ්‍ය පහසුව පොලිස් මූලස්ථානය විසින් සලසා තිබුනි.

Scroll to Top