සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවට සමගාමීව පවත්වන්ට යෙදුනු හීල් දානමය පිංකම

2025.12.30 වන දින පොලිස් මූලස්ථානයේ පවත්වන ලද සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනා පිංකමට සමගාමීව පසු දින උදෑසන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රමුඛව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විසි පස් නමක් වෙනුවෙන් හීල් දානය පූජා කිරීම සඳහා ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණියහ. 

එහිදී හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය විසින් පොලිස්පතිතුමා ඇතුලු ශ්‍රී ලංකා පොලිසියේ සමස්ථ නිලධරයන් හට මෙන්ම විශ්‍රාමික නිලධාරීන් හට  2025 වසර වෙනුවෙන් සුවසෙත, ආශිර්වාද ප්‍රාර්ථනා කළ සේක.

Scroll to Top