2022.08.02 දින (වසර 03කට පෙර) මුල්ලේරියාව රෝහල අසල සිදුවූ වෙඩිතැබීමකින් මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ඝාතනයට ලක්විය.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් එම අපරාධයේ යතුරුපැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරු 2025.12.25 වන දින උදෑසන මාලඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේදී අත්ඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 430 ක් හා ව්‍යාජ විදේශ ගුවන් ගමන් බලපත්‍රයක් තිබී පොලිස් භාරයට ගෙන ඇති අතර වයස අවුරුදු 32 ක් වන ඔහු තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය කර ඇත.
වැඩිදුර විමර්ශනයේදී ඔහුට කොළඹ ගරු මහාධිකරණයේ විභාග වන නඩු 02 ක් සඳහා විවෘත වරෙන්තු නිකුත්ව ඇති බවද අනාවරණය වී ඇත.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සැකකරු සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදුකරයි.