ටී-56 ගිනි අවිය I – ග්‍රෑන්ඩිපාස් පොලිස් ස්ථානය
ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ජෝෂප් විදිය ප්‍රදේශයේ හිස් භූමියක බෑගයක දමා තිබූ ටී-56 වර්ගයේ ගිනි අවියක් හා එම පතරොම් 27 ක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2025.12.24 වන දින රාත්‍රියේ සොයාගත් අතර විමර්ශනයේදී බෑගය එම ස්ථානයට ගෙනවිත් දැමූ
සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන සැකකරු 67 හැවිරිදි වියේ පසුවන්නෙකි.
ටී – 56 වර්ගයේ ගිනි අවිය II – රාගම පොලිස් ස්ථානය
රාගම පොලිස් ස්ථානයේ පහලවත්ත ප්‍රදේශයේ පාලු ස්ථානයක නවතා තිබූ කාර් රථයක් 2025.12.23 වන අද දින රාත්‍රී කාලයේ පරීක්ෂාවට ලක්කළ රාගම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක්, කාර් රථය තුල තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම පතොරොම් 44 ක් සහිත මැගසින් දෙකක් සොයාගන්නා ලදී.
අවිය හා පතරොම් සමඟ කාර් රථය අතහැර දමා ගිය සැකකරුවන් සොයා රාගම පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ක්‍රියත්මකයි.
පිස්තෝල අවිය – බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය
බස්නාහිර පළාත ගම්පහ බුද්ධි ඒ්කකයේ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය 2025.12.24 වන දින රාත්‍රියේ පිළියන්දල පොලිස් වසමේ වීරසිංහ මාවත ප්‍රදේශයේදී සඟවා තිබූ මැගිසීනය සහිත විදේශ රටක නිෂ්පාදිත මිලිමීටර 9 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් සොයාගෙන ඇත.
අවිය කවුරුන් විසින් එම ස්ථානයට රැගෙන ආවේද සම්බන්ධ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.