දකුණු ආසියවේ විශිෂ්ඨතම අතුරු හමුදාවට ආධුනික කොස්තාපල්වරයෙකු ලෙස එක්වීමේ භාග්‍ය උදාකරගත් මෙරට ජව සම්පන්න තරුණයින් 225 දෙනෙකු, මූලික පුහුණුව හැදෑරීම සඳහා 2025.12.31 වන දින ඇල්පිටිය පොලිස් විද්‍යාලය වෙත වාර්තා කරන ලදී.
මූලික තොරාගැනීමේ පරීක්ෂණ වලදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අභිමානවත් නිල ඇඳුම පැළදීම සඳහා අවශ්‍ය කාය ශක්තිය,මානසික ශක්තිය, විනය මෙන්ම සරිලන අධ්‍යාපන මට්ටම, පවුල් පසුබිම වඩාත් සාර්ථකව පෙන්නුම් කර සුදුස්සන් වූ මෙම පිරිස, මෙතැන් සිට රටදැය ආරක්ෂාකිරීමට කැපවන අතිදක්ෂ සන්නද්ධ නිලධාරියෙකු වීම උදෙසා පොලිස් විදු සෙවනේ සුවිශේෂී පුහුණුවක් ලබනු ඇත.