“පොලිස් නිවේදනය” යන ශීර්ෂය යටතේ ශ්‍රී ලංකා පොලිසිය මඟින් නිකුත් කරන ලද පණිවිඩයක් බවට හුවා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් සංසරණය වෙමින් පවතී.
ඉහත පණිවිඩය මඟින් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්යයෙන් දැන ගත යුතු මාර්ගෝපදේශ මාලාවක් වශයෙන් අසත්‍ය හා තහවුරු නොකරන ලද මහජනයා නොමඟ යවන සුළු තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවට නිරීක්ෂණය වේ.
මෙය කිසිඳු ලෙසකින් ශ්‍රී ලංකා පොලිසිය මඟින් ප්‍රකාශයට පත්කර නිකුත් කරන ලද්දක් නොවන අතර පොලිසිය මඟින් නිකුත් කරනු ලබන සියළුම නිල පණිවිඩ හා යාවත්කාලීන තොරතුරු ශ්‍රී ලංකා පොලිස් නිල වෙබි අඩවිය, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිවේදන හා ශ්‍රී ලංකා පොලිසියේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පමණක් නිකුත් කරනු ලබයි.
මෙලෙස තහවුරු නොකරන ලද තොරතුරු සමාජ ගත කිරීමෙන් මහජනයා තුළ අනවශ්‍ය බියක් හා අවිශ්වාසයක් ගොඩනැගෙන අතර ශ්‍රී ලංකා පොලිසිය සෑම විටම නීතිය සාමය හා මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා සෑමවිටම ක්‍රියා කරනු ලබයි.
ඒ අනුව, සමාජගත වන මෙවැනි තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු කෙරෙහි විශ්වාසය නොතබන ලෙසටත්, ශ්‍රී ලංකා පොලිසිය මඟින් නිකුත් කරනු ලබන සත්‍ය හා යාවත්කාලීන තොරතුරු කෙරෙහි පමණක් අවධානය හා විශ්වාසය තබන ලෙසටත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිමි.