පොලිස්පතිතුමන් පො.කො 82615 නිලධාරියාට අවසන් ගෞරව පුදකරයි.

අම්බලන්තොට, වලවේ ගඟ පාලම අසල මාර්ග බාධකයේ රථ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිටියදී අනතුරකට ලක්ව මියගිය පොලිස් කොස්තාපල් 82615 එම්. සරත් කුමාර නිලධාරියාගේ අවසන් කටයුතු 2026.01.03 වන දින සිදුකෙරුණි.

රාජකාරියේදී මියගිය මෙම නිලධාරියා පශ්චාත් උසස්කිරීමේ පදනම මත පොලිස් සැරයන් නිලය දක්වා උසස් කිරීමට කටයුතු කරමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා දේහය තැන්පත් කර තිබූ සූරියවැව, වීරියගම පිහිටි නිවස වෙත ගොස් සිය අවසන් ගෞරව පුද කළේය. 

ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ද ඇතුලුව නිලධාරියා සමඟ රාජකාරි කළ නොකළ පොලිස් නිලධාරීන් රැසක් එදින අවසන් කටයුතු සඳහා සහභාගී විය.

Scroll to Top