Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා පොලිසියෙන් රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ විනාශ වූ යටිතල පහසුකම් යළි ගොඩනැගීම වෙනුවෙන් රජය මගින් පිහිටුවන ලද Rebuilding Sri Lanka අරමුදල ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය රුපියල් මිලියන 50ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

මෙම මූල්‍ය පරිත්‍යාගයට අදාළ චෙක්පත 2026.01.06 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ප්‍රදානය සිදු කරන ලදී.

ශ්‍රී ලංකා පොලිසියේ සමස්ත නිලධාරීන්ගේ වැටුපෙන් ලබාදුන් දායකත්වය මත මෙම අරමුදල රැස්කර ඇති අතර, රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන අතරතුර ජාතික ආපදාවකදී රට වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට පොලිස් නිලධාරීන් මෙම කැපවීම සිදු කර ඇත.

Scroll to Top