තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න

2025.12.30 වන දින කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලැබීමේ අපරාධය සම්බන්ධව කොහුවල පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.

මෙම අපරාධය සඳහා පැමිණි සැකකරුවන්ගෙන් එක් සැකකරුවෙකු හඳුනාගැනීමෙන් පසු එම සැකකරුගේ රූපය පොලිස් චිත්‍ර ශිල්පියෙකු විසින් සිතුවම් කර ඇත. ඒ අනුව සිතුවමෙහි දැක්වෙන සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස ඉල්ලා සිටිමි. 

දුරකථන අංක –  

 ස්ථානාධිපති / කොහුවල පොලිස් ස්ථානය – 071 – 8591669
 ස්ථානාධිපති / අපරාධ විමර්ශන අංශය – 071 – 4146727

Scroll to Top