74 වන ජාතික ජීවිතාරක්ෂක ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාවය පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට

රාජකාරියට සීමා නොවුනු සේවාවක් ඉටුකරන පොලිස් ජීවිතාරක්ෂක ඒ්කකය, වෘත්තීය ජීවිතය තුල ඔවුන් ලබාගත් වෘත්තීය නිපුණත්වයන් මනාව පිළිබිඹු කරමින් මෙවරත් ජාතික ජීවිතාරක්ෂක ක්‍රීඩා තරගාවලිය ජයග්‍රහනය කරන ලදී.

මෙම ජයග්‍රහනයත් සමඟ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම වාර 14 ක් ජාතික ජීවිතාරක්ෂක ක්‍රීඩා තරගාවලියේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා පොලිසියට හිමිකර දී ඇත.

74 වන වරට පැවැත්වුනු මෙවර ජාතික ජීවිතාරක්ෂක ක්‍රීඩා තරගාවලිය සඳහාද නාවික හමුදාව, ගුවන් හමුදාව ඇතුලු දිවයිනේ ප්‍රමුඛ පෙලේ ජීවිතාරක්ෂක කණ්ඩායම් 12 ක් සහභාගී වී ප්‍රභල තරඟයක් දැකගත හැකිවිය. තරඟාවලිය 2025/12/27,28 දෙදින ඉසව් 19 ක් ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පිහිනුම් තටාකයේදී හා ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්වුනි.

“දිට්වා” සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් වෙහෙස වී, උත්සව සමයේ සාමාන්‍ය පොලිස් රාජකාරිවලද නිරතවී, පසුබට නොවී තරඟ දෙදින තුල උපරිිම දක්ෂතාවයන් දක්වමින් ජයග්‍රහණය හිමිකරගැනීමට සමත්වීම ප්‍රසංසණීය ලෙස ශ්‍රී ලංකා පොලිසියේ සහෝදර නිලධාරීන් අගය කරන්නෙමු.

පොලිස් ජල ක්‍රීඩා සභාපති නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් විජේසිංහ මහතාගේ හා ක්‍රීඩා කොට්ඨාස අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පින්නදුව මහතාගේ අධීක්ෂණය මත පොලිස් ජීවිතාරක්ෂක ක්‍රීඩා ලේකම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සි.සි බමුණුආරච්චි, පුහුණුකරු ප්‍රධාන පොලිස් පරික්ෂක පි.එම්.කේ ජයවර්ධන, පොලිස් ජීවිතාරක්ෂක ක්‍රීඩා කළමනාකාර කාන්තා උප පොලිස් පරික්ෂක ජෙ.එම් ජයසුරිය යන මහත්ම මහත්මීන් යටතේ පොලිස් ජල ක්‍රීඩා කණ්ඩයමට නායකත්වය දෙනු ලබයි.

Scroll to Top