පරිගණක අපරාධයක් මගින් රුපියල් එක් ලක්ෂ අට දහසක මුදලක් සොරාගක් සැකකරුවෙකු අත්අඩංගුවට

Facebook සමාජ ජාලය තුල ප්‍රචාරය කර තිබූ දැන්වීමක් අනුව අධි බලැති ජල පීඩන යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා අලෙවි ආයතනයක් සම්බන්ධකරගත් පුද්ගලයෙකු, එම ආයතනයෙන් ලැබුනු Link (වෙබ් දිගුවක්) භාවිතා කිරීමට ගත් උත්සාහයකදී මුදල් වංචාවකට හසුව ඇත.

රුපියල් එක් ලක්ෂ අටදහසක් පමණ අහිමි වී ඇති අතර වින්දිත පුද්ගලයා වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒ්කකයට සිදුකළ පැමිණිල්ලක් අනුව  එම ඒ්කකය 2026.01.07 වන දින සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 22 ක් වන ඉහල ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒ්කකය සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.

“අන්තර්ජාලය හරහා යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේදී පහසුවෙන් මුදල් ‌ගෙවිය හැකි ආකාරයට සකස් කර ඇති වෙබ් අඩවි පමණක් භාවිතා කිරීම සුදුසු වේ. 

සැක සහිත වෙබ් යොමු(Link)  තුලට යොමුවෙමින් මුදල් ගෙවීම අපහසුවෙන් සිදුකිරීමට සිදුවීම මෙන්ම එම වෙබ් අඩවි ඔ‌බේ උපාංගයේ දත්ත සඳහා ප්‍රවේශය අවසර ඉල්ලුුුවහොත් අවසර ලබාදීම, වෙනත් පාර්ශවයකට  ඔබේ බැංකු ගිණුමේ මුදල් පමණක් නොව  උපාංගයේ තැන්පත් ඔබේ පෞද්ගලික දත්ත පවා ඩැහැ ගැනීම සඳහා කරනු ලබන ආරාධනාවකි”

Scroll to Top