විපතට පත් දිළිඳු පවුල් අස්වැසුමට පොලිස් සේවා වනිතා ඒ්කකයේ මෙවර සිලාවතුර ගම්මානයට

“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ස්වාභාවික විපත් හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ජීවත්වන දිළිඳු පවුල් තවමත් ඉතා අවම පහසුකම් යටතේ ඔවුන්ගේ දෛනික ජීවිතය ගතකරයි.

එලෙස ගොඩනැගෙන පුරවැසියන් හඳුනාගනිමින් හා ඔවුනට සරණක් වීම සඳහා පොලිස් සේවා වනිතා ඒකකය දීප ව්‍යාපත්ව ආරම්භ කළ වැඩසටන් මාලාවේ තවත් අදියරක් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ හා එම මැතිණිය, පොලිස් සේවා වනිතා ඒකකය ඒ්කකයේ සභාපතිනී නීතිඥ නිල්මිණී නීටා සමරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2026.01.15 වන දින  මන්නාරම පොලිස් කොට්ඨාස සිලාවතුර ප්‍රදේශයේදී සාර්ථකව පැවැත්වුනි.

වියලි ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත පාර්සල්  150 ක ප්‍රමාණයක් එහිදි බෙදාදීමට කටයුතු කෙරුනු අතර සාමූහික වශයෙන් ප්‍රදේශවාසීන්ගේ ගැටළු කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හමුවේ ඉදිරිපත්කිරීමට අවස්ථාව උදාකෙරුණි.

මෙම ද්‍රව්‍ය පරිත්‍යාගයන් සඳහා සියළු අනුග්‍රහයන් නිර්මාණ කාර්ගෝ පුද්ගලික ආයතනයේ අධිපති ප්‍රසන්න කුමාර මහතාගේ මූලිකත්වයෙන් ඩුබායි රාජ්‍යයේ සිටින අපේම ජනතාව පොලිස් සේවා වනිතා ඒ්කකය වෙත සහයෝගයට හා විශ්වාසය පළකරමින් ලබාදුන් දායකත්වයකි.

වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගො මහතා, මන්නාරම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් සංජිත් මහතා, පොලිස් සේවා වනිතා ඒ්කකයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්මිණී ජයවීර මහත්මිය, නිර්මාණ කාර්ගෝ අධිපති ප්‍රසන්න කුමාර මහතා සහ එම මහත්මිය සහ පොලිස් සේවා වනිතා ඒ්කකයේ නිළධරයන් මෙම අවස්ථාවට සහභාගී විය.

Scroll to Top