විපතට පත් දිළිඳු පවුල් අස්වැසුමට පොලිස් සේවා වනිතා ඒ්කකයේ මෙවර කිලිනොච්චියට

“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ස්වාභාවික විපත් හේතුවෙන් සෘජුව හා වත්‍රාකාරයෙන් පීඩාවට පත්වූ මෙරට දිළිඳු ජනතාවට ඔවුන්ගේ සාමාන්‍ය දෛනික ජීවිතය ගොඩනගාගැනීමට අවැසි උදව් උපකාර තවමත් ලබාදෙන්නෙමු.

එලෙස සහය අවශ්‍ය ප්‍රදේශ හඳුනාගනිමින් හා ඔවුනට සරණක් වීම සඳහා පොලිස් සේවා වනිතා ඒකකය දීප ව්‍යාපත්ව ආරම්භ කළ වැඩසටන් මාලාවේ තවත් අදියරක් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ හා එම මැතිණිය, පොලිස් සේවා වනිතා ඒකකය ඒ්කකයේ සභාපතිනී නීතිඥ නිල්මිණී නීටා සමරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2026.01.17 වන කිලිනොච්චිය පොලිස් වසමේ කනකුම්බිකුලම් ග්‍රාමයේ අම්මාන් කෝවිලේදී  සාර්ථකව පැවැත්වුනි.

වියලි ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත පාර්සල්  200 ක ප්‍රමාණයක් එහිදි බෙදාදීමට කටයුතු කෙරුනු අතර සාමූහික වශයෙන් ප්‍රදේශවාසීන්ගේ ගැටළු කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හමුවේ ඉදිරිපත්කිරීමට අවස්ථාව උදාකෙරුණි.

මෙම ද්‍රව්‍ය පරිත්‍යාගයන් සඳහා සියළු අනුග්‍රහයන් නිර්මාණ කාර්ගෝ පුද්ගලික ආයතනයේ අධිපති ප්‍රසන්න කුමාර මහතාගේ මූලිකත්වයෙන් ඩුබායි රාජ්‍යයේ සිටින අපේම ජනතාව පොලිස් සේවා වනිතා ඒ්කකය වෙත සහයෝගයට හා විශ්වාසය පළකරමින් ලබාදුන් දායකත්වයකි.

කිලිනොච්චිය භාර දිසාපති සුබ්‍රමනියම් මුරලිදරන් මහතා, උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා, කිලිනොච්චිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රසේන මහතා, කිලිනොච්චිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අංගම්මන මහතා ඇතුලු ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් සේවා වනිතා ඒ්කකයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්මිණී ජයවීර මහත්මිය, නිර්මාණ කාර්ගෝ අධිපති ප්‍රසන්න කුමාර මහතා සහ එම මහත්මිය සහ පොලිස් සේවා වනිතා ඒ්කකයේ නිළධරයන් මෙම අවස්ථාවට සහයෝගය ලබාදෙමින් සහභාගී විය.

Scroll to Top