සැක සහිත කාර් රථයක් පරීක්ෂාවට ලක්කර මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11 ක් සොයාගනියි

2026.01.14 වන දින උදෑසන කොළඹ දෙස සිට අධිවේගී මාර්ගයේ පැමිණි කාර් රථයක් අධිවේගී මාර්ග කොට්ඨාසයේ ගොඩගම අන්තර් හුවමාරු ඒ්කකයේ නිලධාරීන් විසින් පාලටුව පිටවීමේ දොරටුව අසලදී පරීක්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 යි හෙරොයින් කිලෝග්‍රෑම් 05 ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

කාර් රථය පරීක්ෂාවට නැවැ-ත්වීමේදී කාර් රථයේ රියැදුරු සහ එහි සිටි තවත් පුද්ගලයෙකු රථය නවතා පලායාමට උත්සාහ ගත්තද නිලධාරීන් ඔවුන්ව ලුහුබැඳ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා අවුරුදු 20 හා 21 වයස්වල පසුවන මාතර නාවිමන හා කොටුවේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. 

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දීමට නියමිතය.

Scroll to Top