අන්තර්ජාල අපරාධවල ගොදුරක් නොවන්න

නාදුනන පුද්ගලයෙකු හෝ ආයතනයක් ආකාරයෙන් සමාජ මාධ්‍ය පණිවුඩයක් මගින් හෝ දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔබට රැකියා අවස්ථාවක් ලබා දෙන බැව පැවසුවොත්, ත්‍යාග දිනුම් ඇදී ඇති බව පැවැසුවොත්, අසත්‍ය චෝදනා ඉදිරිපත්කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට ගිණුමකට මුදල් බැර කරන මෙන් පැවසුවොත් මුදල් තැන්පත්කිරීමට ඉක්මන් නොවී සුපරීක්ෂාකාරීව සොයාබලන්න. 

යම් හෙයකින් ඔබට මෙවන් රැවටීමකට ලක්ව මුදල් අහිමිකරගත් බව වැටහුනොත් පහත දුරකථන අංකයක් අමතා පැමිණිලි කරන්න. 

නියෝජ්‍ය අධ්‍යක්‍ෂ / පරිඝණක අපරාධ විමර්ශන අංශය :- 011  2300638
පුද්ගලික සහකාර / පරිඝණක අපරාධ විමර්ශන අංශය :- 011  2381375
ස්ථානාධිපති / පරිඝණක අපරාධ විමර්ශන අංශය :- 011  2381058

අවස්ථානුකූලව විවිධ උපක්‍රම භාවිතා කරමින් පුද්ගලයින් සතු ගිණුම් අංක, මුරපද (OTP), හා QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගෙන අත්තර්ජාල දිගු හා ස්කෑන් කේත ඔස්සේද මෙම වංචාවන් සිදු කරන බව දිවයිනේ විවිධ පොලිස් ස්ථානවෙත ලැබෙන පැමිණිලි අනුව නීරක්ෂණය වී තිබේ.

ඇතැම් විට බැංකු සේවකයින් ලෙස පෙනී සිටිමින් ඔබට දුරකථන ඇමතුමක් ලබා දී බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු ලබා ගෙන එම ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුදල් තැන්පත් කර ඇති බව පවසා බිය ගන්වා මුදල් තැන්පත් කරවා ගනියි. 

එවැනි සිදිධීන් ගණනාවක් පසුගිය දිනවල මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙතද, 

පොලිස් නිලධාරින් ලෙස පවසා දුරකථන ඇමතුම් ලබාදී ගිණුම් විස්තර හා මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධව පාදුක්ක පොලිස් ස්ථානය වෙත ද පැමිණිළි ලැබී ඇත.

පහත ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කර ඔබට ලැබුනු ඇමතුම පිළිබඳව අනුගමනය කරන්න.

*  official pages පරීක්ෂා කිරීම.
*  දෙවනි පාර්ශවයට Bank details, NIC Number, login details, 
*  OTP, Password, PIN, Photos ලබා නොදීම.
* සැකසහිත links පරිශීලනය නොකිරීම.
* විශ්වසනීය / Verified ගිණුම් පමණක් භාවිතා කිරීම.
* මුදල් තැන්පත් කිරීමට පෙර අනන්‍යතාවය සනාථ කර ගැනීම.

මේ වනවිට මෙවැනි වංචා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති මිරිහාන පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශයේ දුරකථන අංකයන්ද පහතින් දක්වා ඇත.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය :- 011 – 2852556
ස්ථානාධිපති / මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය :- 075 – 3994214


Scroll to Top