පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුර තුළ සිට ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් බස්නාහිර උතුර ඒ්කකය 2026.01.20 දින සවස නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 61 ග්‍රෑම් 838 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විදෙස්ගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ප්‍රධන පෙළේ සැකකරුවෙකුගේ ගෝලයෙකු බව අනාවරණය වී ඇති අතර වයස අවුරුදු 45 ක් වන නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ පදිංකරුවෙකි.
අත්අඩංගුවට පත්වී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය තොගය ත්‍රී රෝද රථය ප්‍රවාහනය කරමින් සිටියදීය.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී තිබේ