අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ මහා පරිමාණ මත්ද්‍රවය වැටලීම් 06 ක්
සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට
(01) කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය –
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත 2026.01.21 දින සවස ග්‍රෑන්ඩ්පාස්, ස්ටේස්පුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් මගින් හෙරොයින් ග්‍රෑම් 213 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකාරිය වයස අවුරුදු 42 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියකි.
(02) මාදම්පිටිය පොලිස් ස්ථානය –
2026.01.22 දින මාදම්පිටිය, සත්හිරු සෙවණ මහල් නිවාසය අසලදී නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි සැකකටයුතු පුද්ගලයින් තිදෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති මාදම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් පුද්ගලයින් තිදෙනෙකු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය තිබී අත්අඩංගුවට ගෙන ඇත.
එක් සැකකරුවෙකු සන්තකයේ තිබූ බෑගයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 300 ක්, විද්‍යුත් තරාදියක් හා හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකරන මුදල් රුපියල් 18,000/- ක් (දහ අටදාහක්), දෙවන සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් මිලිග්‍රෑම් 150 ක්, තෙවන සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201 ක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 24,32 හා 29 වයස්වල පසුවන වැල්ලම්පිටිය, මට්ටක්කුලිය සහ කොළඹ 15 ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මාදම්පිටිය පොලිස් ස්ථානය විසින් සැකකරුවන් දෙදෙනා සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.
(03) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය –
2026.01.22 දින සවස එගොඩඋයන පොලිස් වසමේ ඉසුරුසිරි මාවතට හැරෙන හන්දියේදී හශීෂ් ග්‍රෑම් 154 මිලිග්‍රෑම් 300 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමටගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට හැකිව තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් 105100/= ක (එක්ලක්ෂ පනස් දහසක්) මුදලක් සැකකරු සන්තකයේ තිබී ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකර එම මුදල පොලිස් භාරයට ගෙව තිබේ.
එගොඩඋයන පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
(04) හල්දුම්මුල්ල පොලිස් ස්ථානය –
හල්දුම්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් 2026.01.22 දින උදෑසන හල්දුම්මුල්ල, ඉළුක්පැළැස්ස රක්ෂිත ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 32 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවරුදු 45 ක් වන කල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
හල්දුම්මුල්ල පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
(05) කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය –
2026.01.22 දින උදෑසන කඳාන ප්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමක් මගින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 මිලිග්‍රෑම් 120 ක්, විද්‍යුත් තරාදියක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 51,000/= ක (පනස් එක් දහසක්) මුදලක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවරුදු 42 ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
(06) හම්බෙගමුව පොලිස් ස්ථානය –
හම්බෙගමුව, සිරිපුර රක්ෂිත ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති අක්කරයක පමණ භූමි ප්‍රමාණයක වගා කරන ලද ගංජා පැළ 12580 ක් (දොළොස් දහස් පන්සිය අසූවක්) සහිත ගංජා හේනක් සහ අක්කරයක පමණ භූමි ප්‍රමාණයක වගා කරන ලද ගංජා පැළ 11700 ක් (එකොළොස් දහස් හත්සියයක්) සහිත ගංජා හේනක් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.01.22 දින සොයාගෙන විනාශ කර ඇත.
එමෙන්ම හම්බේගමුව 17 ජනපදය ප්‍රදේශයේදී ගංජා කිලෝ 21 ග්‍රෑම් 300 ක් සහ ගංජා කිලෝග්‍රෑම් 17 ග්‍රෑම් 300 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 51 හා 63 වයස්වල පසු වන හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.