අනවසර වැලි කැනීම් වටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සෝදිසියෙන්

පොලිස් විශේෂ කාර්ය බලකායේ මහඔය කඳවුරේ නිලධාරීන් 2026.01.26 දින උදෑසන මහඔය පොලිස් වසමේ කරදහ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් බලපත්‍ර නොමතිව ටිපර් රථයකට වැලි පටවමින් සිටි 24 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව එදින රාත්‍රියේ මහිංගණය ඉකිරියගොඩ කොලයාය ප්‍රදේශයේ එදින රාත්‍රියේ සිදුකළ වැටලීමක් මගින්ද බලපත්‍ර නොමැතිව ටිපර් රථයකට වැලි පටවමින් සිටි 41 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මාපකඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන එම සැකකරු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහියංගණය පොලිස් ස්ථානය ඉදිරිපත් කර තිබේ.

අම්පාර කඳවුරේ නිලධාරීන් එදින සවස උහන පොලිස් වසමේ ආදල්ඔය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් බලපත්‍ර නොමැතිව ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 40 ක් වන උහන වෑරංකැටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

Scroll to Top