පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ යෝජනාවක් අනුව 2026.02.04 වන දිනට යෙදෙන 78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව පරිසර පොලිස් සතියක් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ් අනුව ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාවේ මූලිකත්වයෙන් දිවයින පුරා රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර කරඳ, මී, කොස් හා පළතුරු වැනි වටිනා ශාක පැළ 25000 ක් පමණ දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදාදීමට නියමිතය.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හා පොලිස්පතිතුමාගේ සහභාගීත්වයෙන් 2026.02.02 වන දින උදෑසන පැළ බෙදාදීමේ නිල සමාරම්භක උත්සවය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පවත්වමින් සංකේතාත්මකව බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 126 ක් වෙත පැළ 2500 ක් පමණ බෙදාදෙන ලදී.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නිවැරදිව රෝපණය කිරීමට අවශ්‍ය උපදෙස් සමඟ දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත ඉදිරි දින කිහිපය තුල පැළ ප්‍රවාහණයට නියමිත අතර රෝපණය කළ පැළ සම්බන්ධව පසු විපරමක්ද ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව විසින් සිදුකිරීමට නියමිතය
ඒ් අනුව පරිසර පොලිස් නිලධාරීන්ගේ හා සමස්ථ පොලිස් බලකායේ කැපවීමෙන් සැලකිය යුතු ශාක ඝනත්වයක් පරිසරයට එක්වනු ඇත. සොභාසුන්දරත්වය රැකගනිමින් වක්‍රාකාරයෙන් පරිසරයට යහපත් ප්‍රතිඵල එක්කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ මුදුන්පත්කර ගැනීමට හැකිවනු ඇත.
සමාරම්භක උත්සව අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා, Clean Sri Lanka ලේකම් කාර්යාලය වෙනුවෙන් ජනාධිපති අතිරේක ලේඛම් ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා, ප්‍රජා පොලිස් සහ පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ආර්.ඒ්.ආර්.එන් රාජපක්ෂ මහතා, ප්‍රජා පොලිස් කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.කේ ප්‍රියන්ත මහතා, පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.කේ මනෝජ් පෙරේරා මහතා ඇතුලුව රාජ්‍ය නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.