2026.02.13 වන දින තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේදී කාර් රථයක් තුල සිටි නීතිඥවරයෙකුට හා එම නීතිඥවරයාගේ බිරිඳට කාර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සියළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.
ඒ් අනුව එම කොට්ඨාසයට සමගාමීව ක්‍රියාත්මක වන හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට 2026.02.21 දින සවස අම්බලන්ගොඩ පොලිස් වසමේ දෙල්දූව ප්‍රදේශයේදී වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියා කල සැකකරුවෙකු අපරාධය සඳහා භාවිතා කල ජංගම දුරකතනයක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46 ක් වන බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම අපරාධය සම්බන්ධව 2026.02.16 වන දින කොට්ටාව හා අතුරුගිරිය පොලිස් වසම්වලදී සහ 2026.02.17 වන දින කහතුඩුව පොලිස් වසමේදී ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් 2026.02.21 වන දින මෙම අපරාධයට විවිධාකාරයෙන් ආධාර අනුබල දී ඇති බවට සැකකරන හා කරුණු ආනාවරණය වූ සැකකාරියන් දෙදෙනෙක් හා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සාකකාරියන් වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය භාරයේ පසුවේ.
2009 වර්ෂයේ ලබාදුන් පොදු සමා කාලය තුල නීත්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත්වූ අයෙකු ලෙස හඳුනාගෙන ඇති අත්අඩංගුවේ පසුවන සැකකාර වෙඩික්කරු 2026.02.22 අද දින කඩුවෙල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2026.02.20 වන දින අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරමින් ප්‍රසිද්ධියට පත්කළ AI තාක්ෂණය භාවිතයෙන් සැකසූ ඡායාරූප ස්වරූපයේ සැකකරු අත්අඩංගුවේ පසුවන සැකකරු නොවන අතර අපරාධයේ දෙවන වෙඩික්කරු ලෙස සැකකරන ප්‍රසිද්ධියට පත්කළ ඡායාරූප ස්වරූපයේ සැකකරු සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න.
නියෝජ්‍ය පොලිස්පති / බස්නාහිර පළාත උතුර – 071 8598008
කොට්ඨාස භාර නිලධාරී / නුගේගොඩ – 071 8591641
අධ්යක්ෂ / බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය – 071 8592279