“අභිමන් සත්සර” පොලිස් නිලධාරීන්ගේ රසාස්වාදයට ගීත විචාරාත්මක වැඩසටහනක්

අගනුවර වෙහෙසකර පොලිස් රාජකාරි මධ්‍යයේ අවට පොලිස් කොට්ඨාස මට්ටමින් හැකි උපරිම නිලධාරීන් ප්‍රමාණයක් සහභාගීකරගනිමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය 2026.02.27 වන දින සවස කොළඹ අපරාධ වාර්තා කොටඨාස ශ්‍රවනාගාරයේදී “අභිමන් සත්සර” මැයෙන් ගී රසවින්දන වැඩසටහනක් පැවැත්විය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා‌ගේ ආරාධනය පිළිගෙන පැමිණි ප්‍රවීන ගීත විචාරක ධම්මික බණ්ඩාර මහතා ප්‍රධාන ගායන මඩුල්ල විසින් පැවැත්වූ එම ගී රසවින්දන වැඩසටහන පොලිස් බටහිර තූර්‍යවාදන වෘන්දයේ මියුරු සංගීතයෙන් රසවත් විය.

පැරණි චිත්‍රපට ගීත, හින්දි ගීත මෙන්ම අර්ථවත් පඳ සබැඳි ධම්මික බණ්ඩාර මහතා විසින් රචිත ගීත කිහිපයක් හාස්‍ය, සංවේගය හා අර්ථ රසය මුසුව මනාව පැහැදිලිකිරීමට ගීත විචාරක ධම්මික බණ්ඩාර එහිදී දැක්වූ ප්‍රවීනත්වය කලකට අමතක නොවන සංගීත රසයක් නිලධාරීන්ට තිළිණ කරමින් පුරා හෝරා 2 ක් පුරා පැවැත්වුනු  වැඩසටහන සාර්ථකව නිමා කළේය.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා, අපරාධ වාර්තා කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ජයසිරි කොඩිතුවක්කු මහතා, අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නෝමන් පලිහවඩන මහතා,  මින් පෙර පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් ප්‍රදර්ශනය කළ නෙයනගෙ සූදුව වේදිකා නාට්‍ය නිෂ්පාදකය කළ  කිත්සිරි හේවාාගමගේ කළාකරුවානන් වැඩසටහන ශ්‍රවනයට සහභාගී වී සිටි අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිලධාරීන් ඇතුළුව සෑම නිළ තලයකම පොලිස් නිළධාරීන් රැසකගෙන් ශ්‍රවානාගාරය පිරී තිබුනි.

Scroll to Top