ශ්‍රි ලංකාවේ පිහිටි තානාපති කාර්යාල හා මහකොමසාරිස් කාර්යාලවල හා මෙරට රැඳි සිටින විදෙස් ජාතිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධව.

ගෝලීයව උද්ගතවී ඇති අර්බුධකාරී තත්ත්වය හමුවේ මෙරට ආරක්ෂාව හා සාමය පවත්වාගෙන යාමට බාධා විය හැකි සිදුවීම් වැළැක්වීම සඳහා පොලිස්පතිතුමා විසින් සියළු පොලිස් ස්ථාන දැනුවත් කරමින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

ඒ අනුව තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල, එම නිල නිවාස හා එම ආයතනවලට සම්බන්ධ අනෙකුත් ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සකස් කළ විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමින් නැවත දැනුම් දෙනතුරු ආරක්ෂක වැඩපිළිවෙලට අනුව ක්‍රියාත්මක වන ලෙසත් පොලිස් ස්ථාන දැනුවත් කර ඇත.

මෙරට සංචාරයේ නියුතු හා රැඳී සිටින විදෙස් ජාතිකයන්ගේ / ඔවුන්ගේ දේපළ සහ රැඳී සිටින වාසස්ථානයන්හි ආරක්ෂාව ව්‍යාපාරික ස්ථාන, සංචාරක ස්ථාන / ගමනාන්ත හා නේවාසික ගොඩනැගිලි, ආගමික මධ්‍යස්ථානයන්හි රැඳී සිටින පුද්ගලයන් / දේපළ වල ආරක්ෂාවද තහවුරු කිරීම සඳහා පැය 24 ම ආවරණය වන පරිදි ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිතුමා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

මෙම ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ත්‍රිවිධ හමුදා සහාය අවශ්‍ය නම් ඒ සඳහාද පියවර ගැනීම සඳහා උපදෙස් ලබා දී ඇත.

Scroll to Top