වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා මාධ්‍ය ක්‍ෂෙත්‍රයට වෙනුවෙන් ඉටුකරන කැපී පෙනෙන කාර්ය භාරය වෙනුවෙන් තෙවන වරටත් ජනතා සම්මානයට පාත්‍ර වෙමින් 2026 මාර්තු මස 12 වන දින සවස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනු SLI-BA 2026 – Sri Lanka International Business Awards සම්මාන උළෙලේදී විශ්ව අභිමාන්න්‍ය ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.
2025 දෙසැම්බර් මස 29 වන දින බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනු People’s Excellency Awards 2025 සම්මාන උළෙලේදී Public Communication Award සම්මානයට පාත්‍රවීම එතුමා ලැබූ පළමු සම්මානයයි.
දෙවන සම්මානය, 2025 වසරේ මෙරට වෙනුවෙන් කැපි පෙනෙන සමාජ සේවයක් ඉටුකළ පුද්ගලයන් ඇගයීමට ලක්කරමින් 2026 පෙබරවාරි මස 02 වන දින කොළඹ 07 පදනම් ආයතනයේදී පැවැත්වුනු ජාතිකාභිමානී උත්තමාචාර 2026 ( Pride of the Nation Award 2026 ) සම්මාන උළෙලේදී පිරිනැමූ Pride of the Nation සම්මානයයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරමින් සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මාධ්‍ය නිවේදන මාධ්‍ය ආයතන වෙත යොමුකිරීමෙන් ප්‍රජාව දැනුවත් විය තොරතුරු ප්‍රසිද්ධ කිරීමට කැපවීම, Sri Lanka Police නිල Facebook ගිණුම ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ සමාජ මාධ්‍ය ජාලා සහ පොලිස් නිල වෙබ් අඩවිය ඔස්සේ සෘජුවම මහජනතාව වෙත තොරතුරු, අවවාද, උපදෙස් ගෙනයාමට කටයුතු කිරීම, වැනි ප්‍රශංසනීය මාධ්‍ය මෙහෙවරක නිරතවීම මෙවරද සම්මානයට පාත්‍රවීමට පාදක විය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සාම්ප්‍රදායික මාධ්‍යකරනයෙන් ඔබ්බට ගෙන යමින් නව මාධ්‍ය රටාවට අනුගත වෙමින් ජනාතාවට තොරතුරු සමීපකරවීම සඳහා පොඩ්කාස්ට් (Podcast) වැනි අන්තර්ජාලය හරහා ඕනෑම වේලාවක සවන් දිය හැකි, එපිසෝඩ (episodes) ලෙස නිකුත් වන ඩිජිටල් ශ්‍රව්‍ය/දෘශ්‍ය වැඩසටහන් මාලාවක් පොලිස් නිල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සමාජය වෙත මුදාහැරීම වැනි නව සංකල්ප ක්‍රියාවට නැංවීම මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක්විය.
එමෙන්ම බාහිර උපදේශකවරයෙකු වශයෙන් සිසුන් හා ආයතන දැනුවත් කිරීමේ වැඩමුළු මෙහෙයවීම මගින් වුට්ලර් මහතා සමාජීය වශයෙන් ලබා ඇති කීර්තිය හා ශ්‍රී ලංකා පොලිසියට එක් කර ඇති අභිමානය මෙවර උළෙලේදී විශ්ව අභිමාන්න්‍ය ගෞරව සම්මානය හිමිවීමට හේතු සාධක වී තිබේ.