චීන ජනරජය හා ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවයන් වෙනුවෙන් ද්විපාර්ශික සාකච්ඡා සඳහා මෙරටට පැමිණි මහජන චීන ජනරජයේ ජාතික ආගමන පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය Zhang Yong මහතා ඇතුළු චීන ජනරජයේ නියෝජිත පරිසක් 2026.03.14 වන දින පොලිස් මූලස්ථානයේදී පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා හමුවිය.
එහිදී සංවිධානාත්මක අපරාධ, මිනිස් ජාවාරම්, සයිබර් අපරාධ, ආදී දෙරටෙහි මහජන ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාකාරකම් වැළක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව හා නව තාක්ෂණය භාවිතයන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වී ඇත.
මෙදින Zhang Yong මහතා ඇතුළු දූත පිරිස හා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවත්වුනු ද්විපාර්ශික සාකච්ඡා සඳහාද පොලිස්පතිතුමා සහභාගී වූ අතර එහිදී දෙරටෙහි ආගමන විගමන පරිපාලනය හා සංවිධානාත්මක අපරාධ වැලැක්වීම, මහජන ආරක්ෂාව සම්බන්දව වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ සාකච්ඡා කෙරුණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ මහජන චීන ජනරජ තානාපති Qi Zhenhong මහතා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේඛම් රවී සෙනෙවිරත්න මහතා, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් රැසක් සහභාගී විය.