හබරණ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් 2025.03.07 වන දින දඹුල්ල මාර්ගයේ ලොජ් හංදිය ආසන්නයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 46 මිලි ග්‍රැම්ස් 200 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එක් සැකකරුවෙක් වයස අවුරුදු 27 ක් වන බකමූණ යාය 06 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම්ස් 35 මිලි ග්‍රැම්ස් 100 ක් තිබී ඇත. අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු වයස අවුරුදු 24 ක් වන පලුගස්වැව හබඳිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සන්තකයේ තිබී ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 100 කි.
මෙම සැකකරුවන් දෙදෙනා හබරන පොලිස් ස්ථානයේ දින 05 ක රදවා ගැනිමේ නියෝග මත රඳවා ගෙන ජාවරමට සම්බන්ධ අනෙකුත් සැතකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරයි.