කැබිලිත්ත රක්ෂිතයේ ගංජා අක්කර 02 ක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

ඇතිමලේ පොලිස් ස්ථානය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය 2026.03.09 වන දින උදෑසන ඇතිමලේ පොලිස් වසමේ කොටියාගල රක්ෂිත ප්‍රදේශයේ අක්කර 02 ක පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබූ ගංජා වගාවක් වැටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අඩි 06 ක් පමණ උසට වැඩී තිබූ ගංජා ගස් 55220 ක ප්‍රමාණයක් භූමි ප්‍රමාණයේ වගාකර තිබී ඇති අතර වගාව ගිණිතබා විනාශ කිරීමට පියවර ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 34 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඇතිමලේ පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Scroll to Top