පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරට අනුයුක්ත විශේෂ මෙහෙයුම් ඒ්කකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.03.10 වන දින සවස නිට්ටඹුව පොලිස් වසමේ මීඅබේවත්ත පාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 344 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ගෑම් 688 ක් යතුරුපැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ සැකකරුවෙකුගේ හා සංවිධානාත්මක අපරාධ සම්බන්ධව බන්ධනාගාරගතකර සිටින්නෙකුගේ අනුගාමිකයින් ලෙස මොවුන් හඳුනාගෙන ඇති අතර තවදුරටත් විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.