මෙරට ඉතිහාසයේ වික්‍රමාන්විත, අභිමානවත් පොලිස් රාජකාරීන් අතරතුර දිවි අහිමිවූ ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් විරුවන් ගෞරවාන්විතව අනුස්මරණය කරමින් 162 වන පොලිස් විරු සමරු දින ප්‍රධාන සැමරුම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.03.21 වන උදෑසන කොළඹ, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වුනි.
පොලිස් නිලධරයන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරයන්ගෙන් සමන්විත වූ සම්මාන මුර පෙළපාලියක ගෞරව හරසර මධ්‍යයේ පොලිස්පතිතුමන් හා දිවි පිදූ පොලිස් විරුවන්ගේ සමීප ඥාතීන් ක්ෂ්ත්‍ර බලකා මුලස්ථානයේ ස්ථාපිත රණවිරු ස්මාරකයට පුෂ්ප උපහාර උපහාර පුද කළහ.
පොලිස්පතිතුමන් විරුදින සැමරුම ආමන්ත්‍රණය කරමින් “සෑම දිනකම හිරු නැග එන මෙහොතේ මෙන්ම හිරු බැස යන මොහොතේ දිවි පිදූ පොලිස් නිලධාරීන් අනුස්මරණය කර සිය ගෞරවස්තූතිය පුදකරන බවත්, දිවිපිදූ නිලධරයන්ගේ සමීප ඥාතීන්ගේ සුභ සාධනය වෙනුවෙන් හැකි උපරිමයෙන් කැපවන බවත්” ප්‍රකාශ කළේය.
වාර්තාගතව ඇති පරිදි උතුවන්කන්දේ සරදියල් අත් අඩංගුවට ගැනීමට කෑගල්ල මහ දිසාපතිවරයා වන ඊ. ආර්. සෝන්ඩස් ගේ නියෝගයක් අනුව රාජකාරි කළ පොලිස් කොස්තාපල් සභාන් නැමැති නිලධාරියා සරදියෙල් සමඟ ගැටුමේදී මිය ගිය දින සිට අද දිනය දක්වා පොලිස් රාජකාරි වෙනුවෙන් දිවි පිදූ පොලිස් නිලධාරීන් ගණන 5789 කි. කාන්තා නිලධාරිනියන් ගණන 07කි. දිවි පිදූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරයන් ගණන 464 කි.
ව්ක්‍රමාන්විත පොලිස් රාජකාරියේදී ආබාධිත වූ පොලිස් නිලධරයන් ගණන 1633 කි.
මින් 30 වසරක උතුරු නැගෙනහිර යුධ සමයේදී නිලධරයන් 2598 ක් රට දැය සාමය වෙනුවෙන් දිවි පුදා ඇති අතර යුධ සමයේදී අබාධිත වූ විරුවන් ගණන 1575 කි.
දිවි පිදූ පළමු කාන්තා නිළධාරිනිය ලෙස ඉතිහාසයේ සඳහන්ව තිබෙන්නේ 1989 ජූලි 16 වන දින මහනුවරදී වික්‍රමාන්විත පොලිස් රාජකාරියකදී දිවි පිදූ යශෝමැණිකේ නිලධාරිනිය පිළිබඳවයි.
මෙවර සම්මාන මුර පෙළපාලියේ ප්‍රධාන අණදෙන්නා ලෙස පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතා කටයුතු කළ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් රණවිරු ස්මාරකයට උපහාර දක්වමින් ගෞරවාන්විතව විරු දිනය අනුස්මරණය කිරීමට ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට එක්ව සිටියහ.