වියට්නාම ජනාධිපතිතුමාගේ මෙරට නිල සංචාරයට සමගාමීව වියට්නාමයේ මහජන ආරක්ෂක අමාත්‍ය Luong Tam Quang මහතා හා මෙරට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා අතර දෙරටේ ආරක්ෂක සහයෝගීතාවය නව ක්ෂේත්‍ර කිහිපයකින් වර්ධනය වන අවබෝධතා ගිවිසුමක් 2026.05.08 දින උදෑසන පොලිස් මුලස්ථානයේදී අත්සන් කෙරුණි.
මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්න මහතා, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා හා ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගිවිසුම ප්‍රකාරව සයිබර් අපරාධ,මිනිස් වෙළඳාම වැනි සංවිධානාත්මකව සිදුවන අපරාධ වලක්වාගැනීමට හා අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධව ක්රියකිරීමේදී, තොරතුරු හුවමාරුකරගැනීමේදී මෙන්ම පොලිස් නිලධාරීන් වෙනුවෙන් පුහුණු අවස්ථා ඇතිකිරීම සඳහා අවශ්‍ය සහයෝගය පිලිබඳව ඵලදායී වූ සාකච්ඡා පැවැත්වුනි.
මෙම විශේෂ අවස්ථාව සිහිගන්වමින් පොලිස්පතිතුමා, කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලය, නියෝජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතා සහ විදෙස් දූත පිරිස අතර සමරු සිහිවටන හුවමාරුවිය.