පොලිස් පරීක්ෂක ඩී.බාලේන්ද්‍ර මහතා ඝාතන සිද්ධියේ යතුරුපැදිකරු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා සක්‍රියව කටයුතු කළ පොලිස් පරීක්ෂක ඩී  බාලේන්ද්‍රසිංහ මහතා  නාඳුනන වෙඩික්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් 2023.10.09 වන දින ඝාතනයට ලක්වූයේ ගාල්ල කරාගොඩ ප්‍රදේශයේදී ය.

එම ඝාතනය සඳහා වෙඩික්කරු ප්‍රවාහනය කළ යතුරුපැදිකරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් 2026.05.09 වන දින අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකු බව අනාවරණය වී තිබේ

වයස අවුරුදු 38 ක් වන මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී 2026.05.11 වන දින මීටියාගොඩ කිරලගහවෙල ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සඟවා තිබූ ටී-56 වර්ගයේ ගිනි අවියක් එම ජීව පතරොම් 15 ක් හා පතරොම් ගැබක් සොයාගැනීමටද හැකිවිය.

 මේ වන විට රැඳවුම් නියෝග යටතේ සිටින සැකකරු ඩී. බලේන්ද්‍රසිංහ මහතා ඝාතන සිද්ධියේදී මෙම ගිනි අවිය භාවිතා කර තිබේද යන්න සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් තවදුරටත් විමර්ශන සිදුකරයි.

Scroll to Top