පින්බර වෙසක් පෙහොය නිමිත්තෙන් මූලස්ථානය පරිශ්‍රයේ විශේෂ ධර්ම දේශනාමය පින්කමක්

සකල ලෝ වාසී බෞද්ධ ජනතාව ඉමහත් බක්තියෙන් සමරන 2026 වෙසක් පුර පසළොස්වක පොහොය හෙට දිනට (29) යෙදී ඇති නිමිත්තෙන් පොලිස් මූලස්ථානය සංවිධානය කළ විශේෂ ධර්ම දේශනාමය පිංකමක් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් 2026.05.28 වන දින සවස පොලිස් මූලස්ථානය පරිශ්‍රයේදී පැවැත්වුනි.

ධර්ම දේශනය සඳහා වැඩමවා වදාළ පූජ්‍යපාද රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනය ශ්‍රවනය කිරීමට එක්වුනු  පොලිස් මූලස්ථානයේ නිලධාරීන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සහ මානසික සුවය,පෞර්ෂ වර්ධනය උදෙසා වැදගත් වූ අවවාද හා ධර්ම කරුණුවලින් පොහොසත් දේශනාවක් වදාළ සේක.

Scroll to Top