අංක 07, ජෝශප් ප්‍රේෂර් පාර, කොළඹ 05 ලිපිනයේ පිහිටි පොලිස් පවුල් සුබසාධක සංගමයේ නවීන උත්සව ශාලාව දැන් ඔබටත් වෙන්කරවා ගත හැකියි.
වායුසමනය කළ (A/C) ශාලාවක් වන මෙම උත්සව ශාලාව පළමු පැය 03 සඳහා: රු. 30,000/- ක මුදලකට ලබාගත හැකි අතර අමතර සෑම පැයක් සඳහාම: රු. 5,000/- ක මුදලක් පමණි.
ඔබේ පවුලේ උත්සව, ප්‍රියසම්භාෂණ, නිල රැස්වීම් මෙන්ම ගෘහස්ථ ක්‍රීඩා (Indoor Games) සඳහාම ඉතාමත් සුදුසු ස්ථානයක් ලෙස මෙම ශාලාව හැදින්විය හැකි අතර පොලිස් නිලධාරීන්ට මෙන්ම මේ වන විට ඉල්ලීම පරිදි සිවිල් පුරවැසියන්ටද වෙන්කරවාගැනීමේ අවස්ථාව ලබාදී ඇත.
අමතර පහසුකම් ලෙස ඔබේ අවශ්‍යතාවය පරිදි සකස් කරගත හැකි මේස සහ පුටු හිමි වේ.
ඉඩකඩ ඇති, ආරක්ෂිත වාහන නැවැත්වීමේ පහසුකම් (Parking), ඔබේ අවශ්‍යතාවය පරිදි ආහාර පාන ඔබ කැමති තැනකින් සපයා ගැනීමේ හැකියාවද සහිතයි.
ඔබේ උත්සවය ඉහළම ප්‍රමිතියෙන් සහ සුරක්ෂිතව පවත්වා ගැනීම සඳහා දිනයක් වෙන් කරවා ගන්න.
අමතන්න – 0112 588 877
ලිපිනය -අංක 07 ජෝශප් ප්‍රේෂර් පාර,කොළඹ 05