2026.06.05 වන අද දින උදෑසන කාලයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාලව බොරැල්ල පොලිස් වසමේ එන්.එම්.පෙරේරා මාවත ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කර ඇත.
එහිදී ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඔප්පු පිටපත් ඇති මුල් ගොනු 02ක්, ඉඩම් වලට අදාලව සකස් කරන ලද ව්‍යාජ ලිපි ලේඛණ, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 04 ක්, ව්‍යාජව සකස් කරන ලද නිල මුද්‍රා 600 ක්, ව්‍යාජ ලේඛණ සකස් කිරීම සඳහා යොදා ගත් විද්‍යුත් උපකරණ සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. තවද මෙම අපරාධයන් සඳහා යොදා ගත් බවට සැකකරන කාර් රථයක්, යතුරුපැදියක් හා මුදල් රුපියල් ලක්ෂ 15ක් ඇතුළු දේපල රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත දෙල්කඳ ප්‍රදේශයේදී මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 54, 55 හා 59 වයස්වල පසුවන බොරැල්ල, දික්වැල්ල හා හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.