2026 ජාතික කරාතේ දෝ සංචිතය තෝරාගැනීම සඳහා ශ්‍රී කරාතේ දෝ ක්‍රීයාකාරී කාර්ය බලකාය මගින් සංවිධානය කරනු ලබන 2026 විවෘත කරාතේ ශුරතාවලිය 2026.06.13 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වුනි.
පොලිස් කරාතේ සංචිතය නියොජනය කරමින් එම තරඟාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනා අතරින් කුමිතේ +84KG ඉසවුව සඟවා තරඟවැදුනු උ.පො .ප. ජේ.එම්.ආර්.සී. අප්පුහාමි නිලධාරියා එම ඉසව්වේ තෙවන ස්ථානය ජයග්‍රහණය කරමින් ජාතික කරාතේ සංචිතවය තේරී පත්වූ අතර කුමිතේ -67 KG ඉසවුව යටතේ තරඟ කළ පොලිස් කොස්තාපල් 107216 බණ්ඩාර එම ඉස්ව්වේ තෙවන ස්ථානය දිනාගනිමින් ජාතික සංචිතයට තේරී පත්විය.
පහත නම් සදහන් නිලධාරීන් 09 දෙනා එදින තරඟාවලියේ හොදම 08 දෙනාගේ වටයට සුදුසකම් ලැබීමට අවස්ථාව හිමිකරගනිමින් දක්ෂතා දක්වා ඇත.
1. පොලිස් කොස්තාපල් 28912 කාරියවසම්, කුමිතේ -84 KG ඉසවුව
2. පොලිස් කොස්තාපල් 25497 විජේරත්න, කුමිතේ +84 KG ඉසවුව
3. පොලිස් කොස්තාපල් 25889 ගුණසිංහ, කුමිතේ -67 KG ඉසවුව
4. පොලිස් කොස්තාපල් 24593 බුද්ධික, කුමිතේ -84 KG ඉසවුව
5. පොලිස් කොස්තාපල් 27149 චතුරංග, කුමිතේ -75 KG ඉසවුව
6. පොලිස් කොස්තාපල් 40540 රෝහිත, කුමිතේ -60 KG ඉසවුව
7. පොලිස් කොස්තාපල් 98437 ගයාන්, කුමිතේ -55 KG ඉසවුව
8. පොලිස් කොස්තාපල් 99585 කවිඳු, කුමිතේ -55 KG ඉසවුව
9. පොලිස් කොස්තාපල් 107222 ගෝබිහන්, කුමිතේ -55 KG ඉසවුව
එදින මෙම තරගාවලියට ක්‍රීඩා සමාජ හා සංගම් 450 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1800කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී ඇත.
පොලිස් කරාතේ සංගමයේ සභාපති ලෙස නියොජ්‍ය පොලිසපති සිසිර කුමාර මහතා කටයුතු කරනු ලබන අතර ලේකම් ලෙස ජෙෂ්ඨ පොලිස් අධිකාරී සරත්චන්ද්‍ර ගුණතිලක මහතා, කණ්ඩායම් නායක ලෙස පොලිස් පරික්ෂක රජිවී ප්‍රසන්න මහතා,කණ්ඩායම් කලමණාකරු ලෙස පොලිස් පරික්ෂක පුබුදු චතුරංග මහතා, පුහුනුකරු ලෙස ජුරම්පති මහතා කටයුතු කරයි.