Police News – Page 44 – SRI LANKA POLICE

Police News

Police News

නීති විරෝධි ලෙස වගා කර තිබූ ගංජා පැළ සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට – බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර.

ගෝනගංආර පොලිස් වසමේ යාල රක්ෂිතයේ සුහන්දිරම්ආර ප්‍රදේශයේදී බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.10.25 වන දින වැටලීමක් සිදුකර නීති විරෝධි ලෙස වගා කර තිබූ ගංජා පැළ 310000 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ගෝනගංආර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 හා 57 වයස්වල පසුවන මිද්දෙනිය හා පදලංගල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.ගෝනගංආර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Police News

තල්මසුන්ගේ අම්බර් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – බස්නාහිර පලාත උතුර අපරාධ කොට්ඨාසය.

රාගම පොලිස් වසමේ කැන්දලියද්දපාලුව ප්‍රදේශයේදී බස්නාහිර පලාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.10.25 වන දින වැටලීමක් සිදුකර රුපියල් කෝටි 10 ක් පමණ වටිනාකමින් යුතු නිල් තල්මසුන්ගේ අපද්‍රව්‍යයක් වන අම්බර් කිලෝ 10 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54 ක් වන කැන්දලියද්දපාලුව, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Police News

නිවෙස් බිඳ මුදල් හා දේපල සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට

ජා ඇල පොලිස් වසමේ මාකවිට ප්‍රදේශයේදී ජා ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු 2024.10.24 වන දින අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුට වැලිසර, මිගමුව, මැදවච්චිය හා කහටගස්දිගිලිය ගරු මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු 12 ක් නිකුත් කර තිබී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන ගෝනෑව, පණ්ඩුකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිදුකල වැඩිදුර විමර්ශනයේදී සැකකරු විසින් ජාඇල, මීගමුව, පුත්තලම, අනුරාධපුර, තවරක්කුලම හා කල්ලංචිය පොලිස් වසම්වල ත්‍රිරෝද රථ හා යතුරු පැදි සොරකම්, නිවෙස් බිඳ දේපල සොරකම්, කොල්ලකෑම් හා තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදු කිරීම් කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකරු බවට අනාවරණය වී ඇත. ජා ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Police News

මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

බුත්තල පොලිස් වසමේ පැලවත්ත ප්‍රදේශයේදී බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.10.24 වන දින ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 56 හා 64 වයස්වල පසුවන බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Scroll to Top