මාලදිවයින් පොලිස් කොමසාරිස්තුමන් සහ පොලිස්පතිතුමන් අතර ද්විපාර්ශික හමුව

මාලදිවයින් රාජ්‍යයේ පොලිස් කොමසාරිස්තුමන් වන Ismail Naveen මහතා 2025.07.15 වන දින සවස පොලිස් මූලස්ථානය වෙත සපැමිණ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා හමුවී දෙරට අතර පොලිස් සේවාව වෙනුවෙන් පවතින සහයෝගයීතාවයේ අභිවෘද්ධිය සඳහා විශේෂ සාකච්ඡාවක නිරත විය.

එම මහතා ඇතුලු පිරිස ගෞරවනීය ලෙස පිළිගැනීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබූ අතර හමුව අවසානයේ පොලිස්පතිතුමන් සුරතින් කොමසාරිස්තුමා ඇතුලු පිරිසට හමුව සිහිගන්වමින් සමරු ඵලක ප්‍රධානය කෙරුණි.

Scroll to Top