සබරගමු නිලධරයන්ගේ දරුවන්ට ත්‍යාග රැගෙන පොලිස්පතිතුමන් රත්නපුරයට

සබරගමුව පළාතේ පොලිස් නිලධරයන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්‍ 2025.07.19 වන දින සවස රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි.

එහිදී සංකේතාත්මකව ළමුන් 34 දෙනෙකු සඳහා පොලිස්පතිතුමා විසින් පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලද අතර දිනයේ පැය 24 පුරා සේවයට බැඳී සිටිමින් දිවයිනේ සාමය සුරැකීමට කැපවන සෑම පොලිස් නිලධාරියෙකුගේම සේවය අගයමින් නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවද පැහැදිලි කරන ලදී.

උත්සවය සඳහා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, රත්නපුර දිසාව භාර නියොජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතා, රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතා ඇතුළුව එම පළාතේ නිලධාරීන් රැසක් සහභාගී විය.

Scroll to Top