මාතර හා තංගල්ල පොලිස් කොට්ඨාස තුලින් වාර්තා වන සංවිධානාත්මක අපරාධ ඇතුලු සියලු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම අරමුණුකර එම පළාත් තුල ක්‍රියාත්මක නීතිය හා සාමය පවත්වාගැනීමේ වැඩපිළිවෙලෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා 2025.08.29 වන දින මාතර සණස උත්සව ශාලාවේදී හමුවක් පැවැත්වුනි.
ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද ව්ජේපාල මහතා ප්‍රධානත්වය ගෙන, එම අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සහ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම පළාත භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙයට සහභාගී වූ අතර රාජකාරි ඉටුකිරීමේදී උද්ගත වන ගැටලු පිළිබඳව සහ නිලධාරීන්ගේ සුබසාධනය ඉහල නැංවීම පිළිබඳව එහිදී සාකච්ඡාවට බඳුන් විය.