2025 Mr.Universe තරඟාවලියේ මුල්‍පෙළ ජයග්‍රහණ ලැබූ නිලධාරීන්

2025 අගෝස්තු මස 23,24 දෙදින තායිලන්තයේ පැවැත්වුනු 2025 Mr Universe තරඟාවලිය සඳහා සහභාගී වූ පොලිස් සැරයන් 12190 කේ. ඩි . මායාදුන්න නිලධාරියා සහ පොලිස් කොස්තාපල් 89528 ජි. ඩි . වනිගසේකර නිලධාරියා එහිදී ප්‍රථම ස්ථාන ඇතුලුව මුල් පෙළ ජයග්‍රහණ කිහිපයක්ම දිනාගැනීමට සමත්වී ඇත.

මායාදුන්න නිලධාරියා විසින් දිනාගත් වයස අවුරැදු 40 සහ 49 අතර තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානය, Master Overall තරගයේ ප්‍රථම ස්ථානය,  70kg – 80kg තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානය, Bodybuilding Overall තරගයේ තෙවන ස්ථානය, 

 පොලිස් කොස්තාපල්  89528 ජි. ඩි . වනිගසේකර නිලධාරියා විසින් දිනාගත් වයස අවුරැදු 40ට වැඩි physique උස 173cm අඩු තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානය, Fit Modal තරග කාණ්ඩයේ  දෙවන ස්ථානය, උස 173cm ට අඩු විවෘත තරග කාණ්ඩයේ තෙවන ස්ථානය, එම ජයග්‍රහණයි.

මාස්ටර් අංශයේ දක්ෂතම ක්‍රිඩකයා හට ලබා දෙන Pro Card එක තමන් සතු කරගැනීමට පොලිස් සැරයන් 12190 කේ. ඩි . මායාදුන්න නිලධාරියා හට එහිදී හැකියාව ලැබීම වඩාත් කැපී පෙනුනු අවස්ථාවක් විය.

International fitness and bodybuilding federation විසින් සංවිධානය කර ඇති මෙම තරඟාවලිය සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් 150කට අධික ක්‍රිඩක ක්‍රිඩිකාවන් සංඛ්‍යාවක් සහභාගී වී ඇත.

Scroll to Top