මාරක අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල්ගතවන පුද්ගලයින් උදෙසා මෙන්ම විවිධ ශල්‍යකර්ම සඳහා ලක් කෙරෙන රෝගීන් වෙනුවෙන්, දරුවෙකු මෙලොවට බිහි කරන මවක් වෙනුවෙන් භාහිරින් රුධිරය අවශ්‍ය වන අවස්ථා සුලභ බව අප සැවොම හොදින් දන්නා කරුණකි.
රෝහලත් සමඟ සමීපව රාජකාරි ඉටුකිරීමට සිදුවන පොලිසිය රෝහලේ රුධිර සංචිතවල ප්‍රමාණවත් බවේ වටිනාකම හොදින්ම දන්නා නිසාවෙන් ලේ දන් දීමේ කඳවුරු නිරන්තරයෙන් සංවිධානය කිරීමට පෙළඹේ.
පොතුහැර පොලිස් ස්ථානය 2025.09.03 වන දිනට යෙදුනු 159 වන පොලිස් සංවත්සර දිනයට සමගාමීව සංවිධානය කළ තවත් එක් ලේ දන් දීමේ කඳවුරක් 2025.09.09 වන දිනය පුරා එම පොලිස් ස්ථානය පරිශ්‍රයේ සාර්ථකව පැවැත්වීය
මෙම වැඩසටහනට ප්‍රදේශයේ මහජන ආරක්ෂක කමිටුව සහ කුරුණෑගල රෝහලේ ලේ බැංකුව පූර්ණ දායකත්වය ලබාදී ඇති අතර රුධිරය පරිත්‍යාගකිරීම සඳහා එහිදී එක්වූ පුද්ගලයින් 178 දෙනෙකුගෙන් පුද්ගලයින් 128 දෙනෙකුට එහිදී රුධිරය පරිත්‍යාග කිරීමේ අවස්ථාව හිමි වී ඇත.