දිවයිනේ නන් දෙසින් අනුරාධපුරට පැමිණෙන බැතිමතුන් තිසා වැව නැරඹීමට මෙන්ම ඉන් ස්නානය කිරීමට මහත් ප්‍රියතාවයක් දක්වයි. කෙතරම් දැනුවත් කිරීම් සිදුකළඳ දැනුවත්ව හෝ නොදැනුවත්ව කසළ ස්වල්පයක් හෝ අවිධිමත් ලෙස වැව පරිශ්‍රයට බැහැර කිරීම හේතුවෙන් කල්යත්ම කසළ සැලකියයුතු ප්‍රමාණයක් අවට එක් රැස් වී තිබෙනු දැකිය හැකියි.
එලෙස එක්රැස් වූ කසළ Clean Srilanka ජාතික වැඩසටහන යටතේ ක්‍රමවත්ව වැව පරිශ්‍රයෙන් ඉවත්කරීමේ ශ්‍රමදානයක් අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවා පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් 2025.09.20 වන දින පැවැත්වුනි.
අනුරාධපුර කොට්ඨාස පොලිස් ජිවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් මෙහි සියලු සංවිධාන කටයුතු සිදුකර ඇති අතර එම ජිවිතාරක්ෂක ඒකකය යටතේ පුහුණුව ලබන පාසල් ළමුන්, තිසාවැව අවට ජංගම වෙළදුන් සිය කැමැත්තෙන් සහයෝගය ලබාදී ඇත.
අවුකන සිංහ සමාජය විසින් මෙම වැඩසටහනට ලබාදුන් සාධර අනුග්‍රහය යටතේ වැව ආසන්නයේ අවවාදාත්මක දැන්වීම් පුවරු සවිකිරීමට කටයුතු කර ඇත.