මාතලේ කොට්ඨාස ප්‍රජා පොලිස් සම්බන්ධීකරණ ඒ්කකය එම ප්‍රදේශයේ පදිංචි දනහිසෙන් පහල පාද අහිමිව අසරණ තත්වයෙන් පසුවූ පුද්ගලයින් 11 දෙනෙකු සම්බන්ධයෙන් සොයාබලා ඔවුනට කෘතිම පාද පරිත්‍යාග කරන ලදී.
මාතලේ පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එස්.කේ වික්‍රමනායක මහතාගේ අධීක්ෂණය යටතේ 159 වන පොලිස් දිනයට සමගාමීව මෙම සත්ක්‍රියාව සංවිධානය කර ඇති අතර 2025.09.24 වන දින මාතලේ පොලිස් ස්ථානයේ ශ්‍රවනාගාරයේ පැවති කෘතිම පාද බෙදා දීමේ අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික් II සහකාර පොලිස් අධිකාරී පි.එම්.සි.ආර් තෙන්නකෝන් මහතා, ප්‍රජා පොලිස් සම්බන්ධීකරණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත විජේබණ්ඩාර මහතා ඇතුලුව එම ඒ්කකයේ සෙසු නිලධාරීන් සහභාගී විය.
රුපියල් ලක්ෂ 6 කට ආසන්න මුදලක් මෙම පරිත්‍යාගය සඳහා ලබාදෙමින් අනුග්‍රහය සපයන ලද මහනුවර ෆෝ හැන්ඩිකැප් ආයනය නියෝජනය කරමින් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී එස්.එස්. අත්තනායක, ප්‍රධාන තාක්ෂණ නිලධාරී සිසිර කුමාර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්විය.