පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ මැදිහත්වීමෙන් අපවිත්‍රව තිබූ කාක දූපත වෙරළතීරය පවිත්‍ර කෙරේ

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අපවිත්‍ර වූ මෙරට වෙරළ තීරයන්  පිරිසිදුකරමින් වෙරළ ආශ්‍රිත වැදගත් පරිසර පද්ධතිය රැකගැනීම සඳහා පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසය නිරන්තරයෙන් විවිධාකාරයේ වැඩසටහන් සංවිධානය කරයි.

ඒ් අනුව මට්ටක්කුලිය ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් හා පරිසර ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සහභාගීකරගනිමින් නිරන්තරයෙන් අපවිත්‍රවන මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරය පිරිසිදු කරීමේ වැඩසටහනක් 2026.05.09 වන දින උදෑසන ක්‍රියාවට නැංවුනි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති අතිරේක ලේකම් එස්.ජි.සී සුගීෂ්වර, ප්‍රජා පොලිස් සහ පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ආර්.ඒ්.ආර්.එන් රාජපක්ෂ, යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා වෙරළ තීරය සුරැකීමේ කාර්යභාරයේ මෙරට පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ලාභ නොලබන සංවිධානයක් වන Clean Ocean Force සංවිධානය ඇතුළු පුද්ගලික වෙළඳ ආයතන රැසක අනුග්‍රහය යට‌තේ ද්‍රව්‍ය උපකරණ හිමිවිය. 

පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.කේ මනෝජ් පෙරේරා, කොළඹ උතුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ඇතුළු ජාත්‍යන්තර පොලිස් සංගමයේ Green IPA ව්‍යාපෘතියේ සහයද සමඟ එම සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ මහ ලේකම් කාන්තා ප්‍රධාන පොලිස් පරික්‍ෂක සුනේත්‍රා සෙනවිරත්න ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Scroll to Top