ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම අන්තර්ජාතික පර්යේෂණ සමුළුව පිළිබඳව මාධ්‍ය ප්‍රචාරණය අරඹයි

160 වන ජාතික පොලිස් දිනයට සමගාමීව කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනය විසින් සංවිධානය කිරීමට නියමිත පළමු අන්තර්ජාතික පර්යේෂණ සමුළුව (NPAIRC-2026) 2026.08.31 වන දින ජාතික පොලිස් අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී සහ 2026.09.01 වන දින කොළඹ හෝටල් පරිශ්‍රයක් තුළ පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කරමින් පවතී.

දෙස් විදෙස් රාජ්‍ය හා පුද්ගලික විශ්වවිද්‍යාල වෙත, අධ්‍යාපන ආයතන වෙත, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම දෙස් විදෙස් පොලිස් නිලධාරීන් වෙත මෙම සමුළුවට සහභාගී වී නූතන ලෝකයේ සිදුවන අපරාධ පර්යේෂනාත්මක ඇසින් විග්‍රහ කරමින් විසඳුම් ඉදිරිපත්කිරීමට මේ වනවිටත් ඇරයුම් කර ඇත.  

ඒ් අනුව මෙම සමුළුව සඳහා ඉදිරිපත්වීමට පැමිණෙන පිරිස ඉහල නැංවීම සඳහාත්, පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් මගින් මෙම ක්ෂේත්‍රයට නැඹුරු පිරිස් වෙත අවබෝදයක් ලබාදීම සඳහාත්, කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පොලිස් මාධ්‍ය කොට්ඨාසය  ඒ්කාබද්ධව ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සඳහා 2026.05.11 වන අද දින උදෑසන පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්, එම අභ්‍යාස ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි අතපත්තු මහතා‌ගේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතාගේ, කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අනුරුද්ධි එදිරිසිංහ, මහාචාර්ය අනූෂා එදිරිසිංහ යන මහත්මීන්ගේ සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වෙබ් හා සමාජ මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර සාකච්ඡා වූ පරිදි නුදුරු කාල සීමාව තුළ ශ්‍රී ලංකා පොලිස් නිල සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සමුළුව පිළිබඳව නිරන්තරයෙන් ඔබව දැනුවත් කරන්නෙමු.  

(වැඩිදුර විස්තර සඳහා පොලිස් අභ්‍යාස ආයතනයේ නිල වෙබ් අඩවිය –  https://npa.gov.lk/?page_id=3552)

Scroll to Top