ජගත් පරිසර දිනයට සමගාමීව ප්‍රකාශයට පත් කර ඇති ජාතික පරිසර සතිය නිමිත්තෙන්, දිවයින පුරා පුළුල් රුක් රෝපණ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
මෙම වැඩසටහන සඳහා අවශ්‍ය කෙරෙන පැළ විසිදෙදහසක් (22,000) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුග්‍රාහක දායකත්වය යටතේ ලබා දී ඇති අතර, පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ සම්බන්ධීකරණයෙන් දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාස වෙත එම පැළ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කර තිබේ.
මෙම රුක් රෝපණ වැඩසටහනට සමගාමීව, පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ සංවිධානයෙන් අද දින (2026.06.05) උදෑසන වැල්ලවත්ත පොලිස් වසමේ, වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්න වෙරළ තීරයේදී විශේෂ රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී.
පරිසර ආරක්ෂණ හා ප්‍රජා පොලිස් දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
මෙහිදී සංකේතාත්මකව පොල් පැළ රෝපණය කිරීම සිදු කෙරුණු අතර, ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන වෙත විවිධ වර්ගයේ පැළ යොමු කිරීමට නියමිතව ඇත.
මෙම අවස්ථාව සඳහා පරිසර කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා මහතා, පොලිස් පරිසර කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.