මත්ද්‍රව්‍ය භාවිතයට සිසු දරුවන් ඇතුළු සමාජය නැඹුරුවීමෙන් වළක්වාගැනීම සඳහා නිකවැරටිය පොලිස් කොට්ඨාසය සංවිධානය කළ දැනුවත් කිරීමේ හමුවක් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අචාර්ය නීතීඥ අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.06.02 දින මහව විජයබා ජාතික පාසලේ සයිමන් නවගත්තේගම ශ්‍රවනාගාරයේ දී පැවැත්වුනි.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොහොලානේගෙදර මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වමින් දැනුවත් කිරීමේ හමුව සඳහා කැඳවා තිබූ නිකවැරටිය හා මහව අධ්‍යාපන කළාප වල අධ්‍යාපන බලධාරීන් හා පාසල් විදුහල්පතිවරුන් පවතින තත්වය හා වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සවිස්තරව දැනුවත් කරන ලදී.
එමෙන්ම ජාතික ළමාරක්ෂක අධිකාරිය කුරුණෑගල දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරිණී එම්.කාංචනා සුභසිංහ මිය විසින්ද දේශණයක් පවත්වා ළමුන් සම්බන්ධව අවධානය යොමුකළ යුතු නිසි පියවර සම්බන්ධයෙන් එහිදී හරවත් දේශනයක් පැවැත්විය.
මෙම අවස්ථාව සදහා කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා, නිකවැරටිය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.පී.කේ. ගාල්ලගේ මහතා, මහව දිස්ත්‍රික්කය භාර සහකාර පොලිස් අධිකාරි සමීර රාජපක්ෂ මහතා ඇතුළු නිකවැරටිය කොට්ඨාශයේ පොලිස් ස්ථාන 16 හි ස්ථානාධිපතිවරුන් ද, වයඹ පළාත් අතිරේඛ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ (සංවර්ධන) ඒ.එම්.ඩී. වෑදණ්ඩ මහත්මිය, කළාප අධ්‍යාපන අධ්යක්ෂ නිකවැරටිය ලක්ෂමන් හපුආරච්චි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.